අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රීරෝද රථ හිමියන්ට හා රියැදුරන්ට සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක්

    ජූලි 09, 2014

    මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් වන පරිදි "ත්‍රීරෝද රථයට අබිමන්" යටතේ රට පුරා විසිරී සිටින ත්‍රීරෝද රථ හිමියන්ට හා රියැදුරන්ට සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වාදීමේ අවශ්‍යතාව අනුව රක්ෂණ ප්‍රතිලාභයක් ද හිමිවන පරිදි විශ්‍රාම වැටුප් සහිත සමාජ ආරක්ෂණ පොදු ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති බව ජ්‍යේෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (09) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.


    දිස්ත්‍රික්ක මට්ටමින් ස්ථාපිත ත්‍රීරෝද රථවල තොරතුරු රැස්කර මේ ක්‍රමය සකසා ඇත. මෙහි ඇති වයස අවුරුදු 18 සිට 59 දක්වා සුරැකුම් යෝජනා ක්‍රමය යටතේ සාමාජිකත්වය ලබන සියලුම ත්‍රී රෝද රථ හිමියන් හා රියැදුරන්ට ඔවුන්ගේ වයස අවුරුදු 60 එළඹෙන දින සිට ජීවිතාන්තය දක්වා මාසික විශ්‍රාම වැටුපක් ගෙවනු ඇත. මෙහිදී සාමාජිකත්වය ලබන සාමාජිකයාට ම අපේක්ෂිත විශ්‍රාම වැටුප තීරණය කළ හැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.


    මේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය දිස්ත්‍රික් ලේකම් කාර්යාල මඟින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි මැදිහත්වීම මත ක්‍රියාත්මක කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවත් ජාතික ත්‍රී රෝද රථ වෘත්තිකයන්ගේ සම්මේලනයේ මැදිහත්වීම යටතේ දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya