මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමුද්‍ර දූෂණය වැළැක්වීම පනත යටතේ නියෝග අද පාර්ලිමේන්තුවට

    ජූලි 09, 2014
    මුහුද සම්බන්ධයෙන් මහින්ද චින්තනය යටතේ දැනටමත් විශාල ප්‍රමාණයේ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර ඇති බවත් පර්යේෂණ සඳහා, රටේ ධීවර කර්මාන්තය හා සංචාරක මධ්‍යස්ථානයක් ලෙස දිවයින අවට මුහුදු කලාපය යොදා ගෙන ඇති බවත් පරිසර හා පුනර්ජනනීය බලශක්ති වැඩබලන අමාත්‍ය අබ්දුල් කාදර් මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (09) පාර්ලිමේන්තුවේදී සමුද්‍ර දූෂණය වැළැක්වීම පනත යටතේ නියෝග පිළිබඳ විවාදයට ආරම්භ කරමිනි. සමුද්‍ර දූෂණය වැළැක්වීම පනත යට‍තේ නි‍යෝග ‍දෙකක් අනුමැතිය සඳහා මෙහිදී ඉදිරිපත් කෙරිණි.

     

    අප‍ගේ මුහුදු කලාපය ‍ගොඩබිම ‍මෙන් අටගුණයකින් විශාලයි. මුහුදු කලාප‍යේ ඇති සම්පත් රැකගැනීම අපට පැවරී ති‍බෙන කාර්යයක්. ඒ සඳහා අවශ්‍ය කටයුතු රජය සිදු කරනවා. මේ ස්වභාවික සම්පත් ආරක්ෂා කර ගැනීමට ජනතාවටත් උනන්දුවක් ඇත. එ‍හෙත් සමුද්‍රීය කලාපයට අපද්‍රව්‍ය ‍යෙදීම අවම කර‍ගෙන යහපත් මට්ටමින් පවත්වාග‍ගෙන යාම ‍මෙම නි‍යෝගවල අරමුණයි. ජාත්‍යන්තර නීතිරීති අනුව මුහුදු සම්පත්, මුහුදු පරිසරය ආරක්ෂා කර ගැනීමට ක්‍රියා කළ යුතුයි. මුහුදට බැර ‍කෙ‍රෙන අපද්‍රව්‍ය අවම කර ගත යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    සංවර්ධන ක්‍රියාවලියේදීත් සංචාරක, ධීවර හා ඛනිජ‍තෙල් කර්මා‍න්තවලින් සිදුවන අපද්‍රව්‍ය බැහැර කිරීම් ඉතා ඉහළයි. ‍මේ නිසා ‍වෙරළ අපවිත්‍රවීම, යළිත් සංචාරක ව්‍යපාරයට බලපෑමක් සිදු කරනවා. එ‍‍මෙන්ම මත්ස්‍යයන්, බෙල්ලන් වැනි මුහුදු ජීවින්ටද එයින් හානි සිදු ‍වෙනවා. සමුද්‍ර දූෂණය නතර කර ගැනී‍මේ අරමුණින් ‍ගෙනන ‍මෙම නි‍යෝග මඟින් අපද්‍රව්‍ය මුහුදට ‍යොමු කිරීමට තහනම් කර ඇත. මුහුදු ආශ්‍රිත පරිසරය වැඩිදියුණු කිරීමට පියවර ‍ගෙන ඇති බවත් ලංකාවේ ආර්ථිකය අපේ දිවයින වටා ඇති මුහුද මත රැඳී පවතින බව ඔහු අවධාරණය කළේය.


     NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya