අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසරය රැකගැනීමට අවශ්‍ය පියවර ‍රජය ගෙන තිබෙනවා

    ජූලි 09, 2014
    පරිසරය රැකගැනීමට අවශ්‍ය පියවර ‍රජය  ගෙන ඇති බවත් කඩිනම් මහවැලිය නිසා ලක්ෂ ‍දෙකකට වැඩි වනාන්තර එළි කළ බවත් ඛනිජ‍තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (09) පාර්ලිමේන්තුවේදී  සමුද්‍ර දූෂණය වැළැක්වීම පනත යටතේ නියෝග පිළිබඳ විවාදයට එක්වෙමිනි.

     

    කාබන් ඩ‍යොක්සයිඩ් වායුව පරිසරයට මුදාහරින අඩුම රට ලංකාවයි. වැඩි‍යෙන්ම මුදාහරින්‍‍නේ එජාපය වැඳගෙන ඉන්න අ‍මෙරිකාවයි. ‍ලෝක‍යේ ඇති  පාරිසරික තත්ත්වයන් ගැන අ‍පේ නිලධාරීන් ‍හොඳ අවධාන‍යෙන් සිටිනවා. ලංකා‍වේ වන ගහනය 25%කට වැඩියි. අද මත්තල ගුවන්‍‍තොටුපොළට කියන කතා එදා කටුනායක ගුවන්තොටුපොළටත් කී බව අමාත්‍යවරයා සඳහන් කළේය.
     

    ලංකා‍වේ වන අපරාධ බහුලව සිදු‍වෙන බවට විශාල මතයක් ති‍බෙනවා. 2014දී ‍මේ වන ‍තෙක් අනවසර වන ප්‍රවාහනයන් 246ක් වාර්තා වී ති‍බෙනවා. සමුද්‍ර කලාපය ආරක්ෂා කරන්න සමුද්‍ර පරිසර අධිකාරිය ක්‍රියා කරන බව ද ඔහු කීය.

     

    ලංකාවට නැවක් පැමිණි විට යම් අපද්‍රව්‍යක් බැහැර කිරීමට අවශ්‍ය නම් නිකම් වරායකට එන්නට බැහැ. ඒ සඳහා බලපත්‍රයක් ලබා දිය යුතුයි. රජයක් ‍ලෙස පරිසරය රැකගන්නට අප ‍බො‍හෝ දුර ‍ගොස් සිටිනවා. අද ර‍ටේ කුමන ‍දේ භාවිත කළත් ඒ සම්බන්ධ‍යෙන් ‍සොයා බැලීමත් ‍කෙ‍රෙනවා. පරිසර හිතකාමී ද්‍රව්‍ය භාවිත කිරීමට ‍පෙළඹී තිබෙනවා. ලංකා‍වේ පරිසර අධිකාරිය එක් ආණ්ඩුවක් යට‍තේ තිබිය යුතු බව තම විශ්වාසය බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     

    NDH/HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya