අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු අප්‍රිකානු උප ජනපති පැමිණියේ දේශපාලන අරමුණු ඇති ව නො වේ

    ජූලි 10, 2014
    දකුණු අප්‍රිකානු උප ජනාධිපති රම්ෆෝෂා මැතිතුමා ශ්‍රී ලංකා ආණ්ඩුවේ ආරාධනයක් මත මෙරටට පැමිණි බවත් දේශපාලන අරමුණු ඇති ව නොපැමිණි බවත් විදේශ කටයුතු නියොජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතා පවසයි.

    නියොජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් ස්ථාවර නියෝග 23(2) යටතේ අද (10) පාර්ලිමේන්තුවේදී මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

     

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හා දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් අතර 2013දී ද්විපාර්ශවික ගිවිසුමක් අනුව එරට පැවති සත්‍ය හෙළිදරව් කර ගැනීම පිළිබඳ දැනුම ලබා ගැනීමට හැකිවෙතැයි කියා මේ සංචාරයේදී අපේක්ෂා කළා. දෙරටේ ආණ්ඩු අතර ගැඹුරු සම්බන්ධතාවක් පවතී. මේ සංචාරයේදී  දකුණු අප්‍රිකානු උප ජනාධිපතිවරයා ජනාධිපතුමා, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ටී.එන්.ඒ. පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මෙන් ම උතුරේ ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි, ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් යන මහත්වරුන් ද හමු වූ බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

     

    NDH/HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya