මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා ඓතිහාසික ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ආශිර්වාද ලබා ගනී

    ජූලි 10, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (10) උදෑසන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වෙත ගොස් විශේෂ ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.  


    මෙම අවස්ථාවේදී ජනාධිපතිතුමා ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණ සිටි බැතිමතුන් සමග සුහද කතා බහක නිරත වෙමින් ඔවුන්ගේ තොරතුරු ද විමසීය.


    අනතුරුව මල්වතු මහා විහාරය වෙත ගොස් මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් බැහැ දැක උන්වහන්සේගේ සුවදුක් විමසීය.


    මින් අනතුරුව අස්ගිරි මහ විහාරය වෙත ගිය ජනාධිපතිතුමා අස්ගිරි මහා නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නායක හිමිපාණන් බැහැ දැක උන්වහන්සේගේ ද සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.


    මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ, ‍‍ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්වරු ද එක්වූහ.


    MAP

    President observes religious rites at the Tooth Relics 1

    President observes religious rites at the Tooth Relics 2

    President observes religious rites at the Tooth Relics 3

    President observes religious rites at the Tooth Relics 4

    President observes religious rites at the Tooth Relics 5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya