අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැගෙනහිර පවුල් සෞඛ්‍ය නිලධාරින් 350කට හෙට පත්වීම්

    ජූලි 10, 2014

    නැගෙනහිර පළාත වෙනුවෙන් පවුල් සෞඛ්‍ය නිලධාරින් 350ක් හෙට පත් කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (10) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.


    අපේ ආණ්ඩුව ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා. වෘත්තිකයන්ගේ ප්‍රශ්න විසඳා ගත යුත්තේ එයාලා විසින්මයි. රජයක් ලෙස හෙදියන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්, වෛද්‍යවරුන් ජනතාව වෙනුවෙන් පත්කර තිබෙනවා. දැනට පවුල් සෞඛ්‍ය සේවයේ ඇති වී තිබෙන ප්‍රශ්නය සඳහා කොමිසමක් පත් කර ඇති බවත් ඒ සඳහා ඉන් තීන්දු ක්‍රියාත්මක කරන තුරු බලා සිටින බවත් ඔහු පෙන්වා දුන්නේය.


    වෘත්තීය සමිති නියෝජිතයන්ටත් අප ඇහුම්කන් දිය යුතුයි. මේ ප්‍රශ්නයේ දී කොමිසමක් අවශ්‍ය බව ඔවුන් කීවා. ඒ සඳහා අප කොමිසමක් පත් කළා. කොමිසමේ මොකද්ද වෙන්නේ කියලා අප බලමු යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya