අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුඹුරු ඉඩම් ගොඩකිරීම් සොයා බැලීමේදී නිලධාරීන්ට දේශපාලන බලපෑමක් නෑ

    ජූලි 10, 2014

    කුඹුරු ඉඩම් ගොඩකිරීම සම්බන්ධයෙන් සොයා බැලීමේදී නිලධාරීන්ට දේශපාලන බලපෑමක් නැති බවත් කුඹුරු ගොඩකරන අයට එරෙහිව නඩු පැවරීමට මේ වනවිටත් කටයුතු කර ඇති බවත් විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (10) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.


    ගොවි නිලධාරීන් හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන්ගේ රාජකාරී ලැයිස්තුවේ ප්‍රධාන වශයෙන්ම කුඹුරු ඉඩම් ගොඩකිරීම සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවට සඳහන් ව තිබෙනවා. මේ කාර්යයේ දී ඔවුන්ට දේශපාලන බලපෑමක් නැහැ. අපේ නිලධාරීන් කරන ලද වැටලීම් නිසා කුඹුරු ගොඩකරන පිරිසට නඩු දැමීමට මේ වන විටත් කටයුතු කර ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.


    අතිගරු ජනාධිපතිතුමාත් මේ කුඹුරු ඉඩම් ගොඩකිරීමට විරුද්ධ බව පැවසූ අමාත්‍යවරයා එජාප කාලයේ මේ සඳහා අවසර දී තිබූ බවත් ඒ පූර්වාදර්ශය මේ වන විට වර්ධනය වෙමින් පවතින බවත් සඳහන් කළේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya