මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2006 සිට මත්පැන් බලපත්‍ර දීම අඩු වී තිබෙනවා

    ජූලි 10, 2014

    2006 සිට මත්පැන් බලපත්‍ර ලබාදීම ක්‍රමක්‍රමයෙන් අඩු වී තිබෙන බවත් වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වය නිසා නීතිවිරෝධී මත්පැන් පානය අඩුවිය හැකි බවත් අන්තර්ජාතික මූල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යේෂ්ඨ අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.


    අමාත්‍යවරයා අද (10) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස මේ බව පැවසීය.


    1994 සිට 2014 වන විට අලුතින් මත්පැන් බලපත්‍ර ලබාදීමේ අඩුවක් පවතී. එනම් 2005දී මත්පැන් බලපත්‍ර 135ක් ද පිළිවෙළින් 2006දී 35ක්, 2007දී 42ක්, 2008දී 36, 2009දී 40ක්, 2010දී 51ක්, 2011දී 41ක් හා 2012දී 55ක් වශයෙනි. මේ බලපත්‍ර ලබාදී ඇත්තේ සංචාරක කර්මාන්තයට බවත් ඒ සඳහා බලපත්‍ර ලබාදිය යුතුව ඇති බව ද ඔහු පැවසීය.


    1977 ජේ.ආර්. ජයවර්ධන මහතා බලයට ආපසු ආණ්ඩු පක්ෂයේ සියලුම ඇමතිවරුන් ඇතුළු සියලු දෙනාට බලපත්‍ර ලබා දීමට කටයුතු කළා. නමුත් 2006 සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මත්පැන් බලපත්‍රදීමක් සිදු කරන්නේ නැහැ. මෙය ඓතිහාසික තීරණයක්. මේ නිසා මත්පැන් බලපත්‍ නිකුත්කිරීම විශාල ලෙස අඩු වී තිබෙන බව ද ඔහු පෙන්වා දුන්නේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya