මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාලු වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කරනවා

    ජූලි 10, 2014

    ගාලු වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කිරීමට ජයිකා සමාගම සමඟ සාකච්ඡා කර සැලසුම් සකස් කරමින් පවතින බව මහාමාර්ග, වරාය හා නාවික කටයුතු ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා විසින් වාචික පිළිතරු අපේක්ෂාවෙන් අද (10) පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.


    හම්බන්තොට වරාය වාණිජ වරායක් ලෙස ඉදිකර තිබේ. මේ නිසා වාණිජ වරායන් දෙකක් එක ළඟ තිබීම ආර්ථිකමය වශයෙන් සාර්ථක නැත. මේ හේතුවෙන් ගාලු වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.


    ගාලු වරායේ සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් ගෙවා ඇති උපදේශක ගාස්තු සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීම සඳහා යොදා ගැනේ. ගාලු පුරවරයේ පරිසර අධ්‍යයනයන්ට අනුකූලවත් පරිසරවේදීන්ගේ නීතිරීතිවලට අනුවත් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya