අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලුත්ගම - බේරුවල අලාභහානි දේපොළ සඳහා වන්දි ගෙවීම් කඩිනමින්

    ජූලි 10, 2014

    අලුත්ගම - බේරුවල සිද්ධිවලින් අලාභහානි වූ දේපොළ සඳහා වන්දි ගෙවීමේ කටයුතු කඩිනමින් සිදු කරන බවත් ඒ පිළිබඳ තක්සේරුවක් ග්‍රාම නිලධාරී, ප්‍රාදේශීය ලේකම් හරහා ලබා දිය යුතු අතර වන්දි ගෙවීමේ ඉදිරි කටයුතු දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් සිදු කරන බවත් අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පවසයි.


    අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ස්ථාවර නියෝග 23(2) යටතේ අද (10) පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.


    මේ සිදු වූ අලාභහානිවල වන්දි ප්‍රතිපූර්ණයට රුපියල් මිලියන 200ක් වෙන් කර ඇත. බොහෝ දෙනාගේ රැකියා නැති වූ නිසා කර්මාන්ත ඉදිකිරීමට කඩිනමින් පියවර ගනු ඇත. ප්‍රයෝජනයට ගත නොහැකි සියලු ගොඩනැගිලි ඉවත් කරමින් අලුත්වැඩියා කටයුතු සිදු කරන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා මේ සිද්ධියේදී පක්ෂ, ආගම් භේදයකින් තොරව පීඩාවට පත් ජනතාව වෙනුවෙන් පහසුකම් සැපයීමට කටයුතු කළ බවත් සඳහන් කළේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya