අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජය පිළිගත් විදේශීය තරගාවලි සඳහා ඉදිරිපත්වන පාසල් දරුවන්ට රජයේ අනුග්‍රහය ලැබෙනවා

    ජූලි 10, 2014

    සාර්ක්, ආසියානු, ඔලිම්පික් වැනි රජය පිළිගත් විදේශීය ක්‍රීඩා තරගාවලි සඳහා වයස අවුරුදු 17,18 සහ19 පාසල් දරුවන් ඉදිරිපත් වනවා නම් රජය පූර්ණ ලෙස ඒ සඳහා මැදිහත්වී අනුග්‍රහය ලබා දෙන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා විසින් වාචික පිළිතරු අපේක්ෂාවෙන් අද (10) පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

    සෑම පාසලක ම ක්‍රීඩා සංගම් පිහිටුවා ඇත. මේ සංගම් මඟින් පිටරට ක්‍රීඩා තරග සඳහා ඉල්ලුම් කර ඉදිරිපත් වේ. ඒවාට රජයේ අනුග්‍රහය දැක්විය නොහැක. ඒ සඳහා පෞද්ගලික මට්ටමින් සහභාගි වූවාට වරදක් නැහැ. රජය පිළිගත් ක්‍රීඩා තරග, ජාතික සංගම්වලින් තෝරා ගත් ක්‍රීඩා තරග සඳහා පමණක් රාජ්‍ය අනුග්‍රහය ලැබෙන බව ද ඔහු පැවසීය.

    මේ විදේශ තරග ස‍ඳහා සිසුන් පිටත්කිරීමට අරමුදලක් පිහිටුවා නොමැති බවත් රජයේ රෙගුලාසි අනුව රාජ්‍ය ආයතනයන්ට එවැනි අරමුදල් රැස්කිරීමේ බලයක් නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya