අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාසල්වල ගුරු මාරු ඉක්මනින් සිදු කළ හැකියි

    ජූලි 10, 2014
    ජාතික පාසල් සීමිත ප්‍රමාණයක් ඇති නිසා ගුරුවරුන් මාරු කිරීම අපහසු බවත් පළාත් පාසල්වල එවැනි ගැටලුවක් නොමැති නිසා ගුරු මාරු ඉතා ඉක්මනින් සිදු කළ හැකි බවත් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (10) පාර්ලිමේන්තුවේ දී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

     

    ගණිතය, විද්‍යාව වැනි විෂයයන් සඳහා පාසල තුළ සිටින්නේ සීමිත ගුරුවරුන් ප්‍රමාණයක් නම් අනුපාතය නැතුව ඔවුන් මාරු කිරීමක් සිදු කරන්නේ නැහැ. ගුරු මාරු මණ්ඩලයක් ඇති බවත් මාස 06කට වරක් එය රැස්වන බවත් ඔහු කීය.

     

    පාසලක අවුරුදු 20ට වැඩි සේවා කාලයක් සහිත සියලුම ගුරුවරුන් ජූලි මාසය තුළ මාරු කරනවා. ගුරු මාරු මණ්ඩලය මේ සියල්ල විශ්ලේෂණය කරන්නේ. වෛද්‍ය හේතූ මත පමණක් සිටින පිරිස හැර අන් සියලු දෙනා මාරු කරන බවත් මේ වසර ඇතුළත වසර 10ක සේවා කාලයක් එකම පාසලේ සිටින ගුරුවරුන් ද මාරු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. 

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya