අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙරළ ආරක්ෂක මුර යාත‍්‍රා අධිකාරියට පත් කිරීමේ උළෙල

    ජූලි 09, 2014

    ඔස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ලද යුධ නෞකා ද්විත්වය අද (09) කොළඹ වරාය පරිශ්‍රයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ හා ඕස්ටේ‍්‍රලියානු ආගමන හා දේශසීමා ආරක්ෂණ අමාත්‍ය ස්කොට් මොරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයේ දී ශ‍්‍රී ලංකා රජය වෙත පරිත්‍යාග කෙරිණි.


    පසුගිය වර්ෂයෙහි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණි ඕස්ටේ‍්‍රලියානු රජයේ අග‍්‍රාමාත්‍ය ටෝනි ඇබොට් මහතාගේ ප‍්‍රතිඥාවකට අනුව, ශ‍්‍රී ලංකා නාවික හමුදාව මුහුදු මාර්ගයෙන් සිදුවන අනවසර සංක‍්‍රමණ මැඬලීමට සහ මුහුදේදී අනතුරට පත්වන පිරිස් ගලවා ගැනීමට සිදුකරන මෙහෙයුම් පැසසුමට ලක්කරමින් එම ප‍්‍රයත්නයන්ට සහයක් වශයෙන් මෙම යුධ නෞකා ද්විත්වය ශ‍්‍රී ලංකා රජය වෙත පරිත්‍යාග කෙරිණි.


    "කොරියෝ බේ" සහ "හාර්වි බේ" යන නාමයන්ගෙන් හඳුන්වා ඇති මෙම නෞකා ද්විත්වය ශ‍්‍රී ලංකා රජයට පරිත්‍යාග කිරීමට පෙර ඕස්ටේ‍්‍රලියානු රේගු හා දේශසීමා ආරක්ෂක සේවයට සිය දායකත්වය සපයා ඇත.


    මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ජනාධිපති සහ සේනාධිනායක මහින්ද රාජපක්ෂ මහතා හට නාවිකයන් 108 දෙනෙකුගෙන් සැදුම්ලත් ජනාධිපති සම්මාන මුරයකින් සිය ආචාරය පිරිනැමීම සිදු කෙරිණි.


    ජනාධිපති සහ සේනාධිනායක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් නෞකා අධිකාරියට පත්කිරීමේ සන්නස් පත‍්‍රයන් ශ‍්‍රී ලංකා නාවික නෞකා 'මිහිකත' නමින් අධිකාරියට පත්කෙරුනු පී. 350 යාත‍්‍රාවේ අණදෙන නිලධාරී කොමාන්ඩර් පී.ජී.ජේ.සී. සමරනායක හට සහ ශ‍්‍රී ලංකා නාවික නෞකා 'රත්නදීප' නමින් අධිකාරියට පත්කෙරුණු පී.351 යාත‍්‍රාවේ අණදෙන නිලධාරී කොමාන්ඩර් ආර්.ජේ. වල්ගම්පාය හට පිරිනැමීම මෙහිදී සිදු කෙරුණු අතර ඉන් පසු නෞකාවන්හි අණදෙන නිලධාරීන් විසින් අධිකාරියට පත්කිරීමේ සන්නස් පත‍්‍රයන් ප‍්‍රකාශයට පත් කරනු ලැබිණි. ඉන් අනතුරුව ජනාධිපතිතුමන් විසින් මිහිකත සහ රත්නදීප නෞකාවන්හි නාම පුවරු සහ සමරු ඵලක නිරාවරණය කිරීම සිදුකරන ලදී.


    නෞකාවක් අධිකාරියට පත්කිරීම නාවික ඉතිහාසයන් තුළ දීර්ඝ කාලයක් තිස්සේ, අඛණ්ඩව පැවත එන සුවිශේෂි සම්ප‍්‍රදායකි. නාවික හමුදාවක් සතු, යුධ නෞකාවක් අධිකාරියට පත්කිරීම, අතිශය උත්කර්ෂවත් සහ අභිමානවත් අවස්ථාවක් වේ. මෙමගින් නෞකාව, අදාළ රාජ්‍යයෙහි නාවික හමුදාව තුළ සක‍්‍රීය සේවයට එක්වූ බවට සලකනු ලැබේ.


    මෙම අවස්ථාව සඳහා ඕස්ටේ‍්‍රලියානු ආගමන හා දේශසීමා ආරක්ෂණ අමාත්‍ය ස්කොට් මොරිසන්, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ශ‍්‍රී ලංකාවේ ඕස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් රොබින් මූඩි, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානීහු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.


    DB/mod

    coastal guard vessels commissioning

    coastal guard vessels commissioning

    coastal guard vessels commissioning 1

    coastal guard vessels commissioning 2

    coastal guard vessels commissioning 3

    coastal guard vessels commissioning 4

    coastal guard vessels commissioning 5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya