අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර ගැටලු විසඳීමට දිගින් දිගටම කටයුතු කර තිබෙනවා

    ජූලි 09, 2014

    ධීවර ගැටලු විසඳීම සඳහා පසුගිය වසරවල දිගින් දිගටම කටයුතු කර ඇති බවත් වාර්ෂිකව වාරකන් කාලයේදී හලාවත මෝය කටේ වැලි ඉවත් කොට ධීවර යාත්‍රාවලට ගමන් කිරීමට මාර්ගය සකසා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී පැවසීය.


    පසුගිය වසරේ රුපියල් මිලියන 1.8ක ඩ්‍රෙජර් යන්ත්‍ර යොදා ගනිමින් හලාවත මෝය කටේ වැලි ඉවත් කිරීමට ධීවර වරාය නීතිගත සංස්ථාව කටයුතු කළ බව ද හෙතෙම සඳහන් කළේය.


    එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයක දී අමාත්‍යවරයා සභාගත කරන ලද පිළිතුරක මේ බව සඳහන් වේ.


    වාරකන් කාලයේ දී එනම් මැයි සිට ඔක්තෝබර් කාලයේ හලාවත මෝය කට වැලිවලින් වැසී යයි. මේ නිසා මෝය භාවිත කරන යාත්‍රා 1150කට පමණ ධීවර රැකියාව කිරීමට අපහසු වන අතර මේ සඳහා හලාවත සිට කිලෝ මීටර් 03ක් පමණ දුරින් පිහිටි කරකූපනේ මෝය භාවිත කිරීමට සිදු වේ. මේ තත්ත්වය නිසා 1998 ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය පහසුකම් මත කළ අධ්‍යයනයක දී ස්ථිර ගල් බැම්මක් සුදුසු නොවන බවට හඳුනා ගෙන ඇත. ඒ නිසා වැලි ඉවත් කිරීම හැර වෙනත් විකල්ප ක්‍රියාමාර්ගයක් නැති බවට හඳුනා ගෙන ඇතැයි ද පිළිතුරෙහි සඳහන් වේ.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya