අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිනිස් ජාවාරම්වලට එ‍රෙහිව නීතිමය කටයුතු කිරීමට රජය පියවර ගන්නවා

    ජූලි 09, 2014

    නීතිවිරෝධී ආකාරයෙන් බෝට්ටු මඟින් ඕස්ට්‍රේලියාව බලා ජනතාව ‍ගෙන යන කූට ජාවාරම්කරුවන්ගේ මිනිස් ජාවාරම්වලට එ‍රෙහිව නීතිමය කටයුතු කිරීමට රජය පියවර ගන්නා බව වි‍දේශ කටයුතු නි‍යෝජ්‍ය අමාත්‍ය නි‍යෝමාල් ‍පෙ‍රේරා මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (09) පාර්ලි‍මේන්තු‍වේ දී මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නි‍යෝග 23(2) යට‍තේ මතු කරන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.


    ඕස්‍‍ට්‍රේලියාවට අනවසර‍යෙන් පැමි‍ණෙන ශ්‍රී ලංකිකයන් වැළැක්වීම සඳහා ඕස්ට්‍රේලියානු රජය හා ශ්‍රී ලංකා රජය අතර ගිවිසුම් අත්සන් කර ඇත. මේ පිළිබඳ ව සාකච්ඡා වාර කිහිපයක් ද පවත්වා තිබේ. රටවල් දෙක ම නීතිවිරෝධී අන්දමින් මිනිස් ජාවාරම් ගැන සාකච්ඡා කරමින් පවතින බවත් අනවසර‍යෙන් ඕස්‍‍ට්‍රේලියාව බලා ගිය අයට එ‍රෙහිව කටයුතු කරන බවත් අමාත්‍යවරයා ‍පෙන්වා දුන්‍‍‍නේය.


    මේ පිළිබඳ ව ඕස්ට්‍රේලියානු රජය මාධ්‍යයට හෙළි නොකිරීම ගැන අපට කිසිවක් කිව නොහැකියි. පසුගිය 07 වැනි දින එම රජය විසින් අනවසරයෙන් රටින් පිටව ගිය ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු ශ්‍රී ලංකා රජයට භාර දී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.


    2009 නොවැම්බර් 07 වැනිදා ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව දෙරට අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමකට අනුව අනවසර සංක්‍රමණිකයන් ජාවාරමට එරෙහිව නෛතිකමය පියවර ගැනීමට එකඟතාවන්ට එළැඹ ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.  


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya