අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නොරොච්චෝලේ බලාගාර‍යේ අවසන් අදි‍යරේ ඉදිකිරීම් මේ වසරේ නිම කරනවා

    ජූලි 09, 2014

    මේ වසර අවසන් වන විට නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ අදියරයන් සියල්ල සපුරා ජනතා අයිතියට පත් කරන බවත් ‍ඒ අනුව ගල්අඟුරු බලාගාර‍යේ අවසන් අදි‍යරේ ඉදිකිරීම් නිම කර ජාතික විදුලිබල පද්ධතියට විදුලිය එක් කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.


    අමාත්‍යතුමිය මේ බව පැවසුවේ අද (09) පාර්ලි‍මේන්තු‍වේදී කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ මහතා වාචික පිළිතුරු අපේක්ෂා‍වෙන් අසන ලද පැනයකට පිළිතුරු ‍දෙමිනි.

    නො‍රොච්චෝලේ බලාගාර‍යේ ‍දෙවන හා ‍තෙවන අදිය‍රේ ඉදිකිරීම් කටයුතු ‍මේ වන විට සිදු‍වෙමින් පවතී. මෙගා‍වොට් 900ක විදුලි ධාරිතාව විදුලිබල පද්ධතියට ‍මේ වසර අවසානයට ‍පෙර එක් කළ හැකියි. සැලසුම් කළ දිනය අනුව සම්ප්‍රේෂණ කුළුණේ ඉදිකිරීම් ද අවසන් කරන බව ඇය සඳහන් කළාය.


    ‍මෙය විශාල ව්‍යාපෘතියක් නිසා ප්‍රායෝගිකව ගැටලු පැන නගී. මේ බලාගාරය ඉදිකිරීමේදී අගතියට පත්වන ජනතාව වෙනුවෙන් මේ වසරේ දෙසැම්බර් 31 වන දිනට පෙර සියලුම වන්දි මුදල් ගෙවා අවසන් කරන බව ද අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසීය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya