අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයට තිබෙන්නේ රෝගියා මුල් කරගත් සෞඛ්‍ය ප්‍රතිපත්තියක් - මුදල් රාජ්‍ය අමාත්‍ය

    සැප්තැම්බර් 22, 2017

    රජයට තිබෙන්නේ වෛද්‍යවරයා මුල්කරගත් සෞඛ්‍ය ප්‍රතිපත්තියක් නොව රෝගියා මුල් කරගත් සෞඛ්‍ය ප්‍රතිපත්තියක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.


    ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝගය විවාදයට එක්වෙමින් අද (22) පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසී ය.

     

    ඖෂධ මාෆියාවක් සිදුවන බව දන්නවා. වසර ගණනාවකට ඖෂධ නම්වලින් අධික මිලට ගෙනවා. සාමාන්‍ය ජනතවට අධික මුදලට ඒ අයගේ ලාභයට වික්කා. 1976 සිට 2017 වෙනකම් ක්‍රියාත්මක කරන්න බැරි වුණා. එහෙත් 2017 දී වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා එය සිදු කළා. ඖෂධ වර්ග 48 මිල පහළට ආවා.

    ඖෂධ ප්‍රතිපත්තියක් අපට තිබෙනවා. වෛද්‍යවරයා මුල්කරගත් සෞඛ්‍ය ප්‍රතිපත්තියක් නොව රෝගියා මුල් කරගත් සෞඛ්‍ය ප්‍රතිපත්තියක් රජයට තිබෙන්නේ.අක්ෂි කාචවල මිල පහළට ගෙනාවා. නිදහස් අධ්‍යාපනය කියන්නේ, වෛද්‍යවරයාගේ සේවය පොදු ජනතාවට ලබාදීමයි. එය නිදහස් සෞඛ්‍ය සේවය කියන්නේ.වෛද්‍යවරයා තරම් විශ්වාස වන්තයෙන් නෑ. වෛද්‍ය ඒකාධිකාරයට ඉඩ දෙන්න බෑ.  හදිසි ගිලන් රථ සේවය මුළු රටේම ක්‍රියාත්මක කරනවා. සැමට එක හා සමානව සෞඛ්‍ය සේවය ලැබිය යුතුයි. එකමුතු වෙලා අපේ සෞඛ්‍ය සේවය ගොඩනගමු යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya