අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථික දියුණුවක්, සමාජ පරිවර්තනයක්, ආර්ථික ක්‍රියාදාමයක් වෙත යාමට නම් විදුලි බලය උසස් ප්‍රමිතියකින් හා අඛණ්ඩව ලබාදිය යුතුයි

    සැප්තැම්බර් 22, 2017

    රටක් හැටියට සීග්‍ර ආර්ථික දියුණුවක්, සමාජ පරිවර්තනයක් ගැන සැළකීමේ දී හා ආර්ථික ක්‍රියාදාමයක් වෙත යාමට නම් විදුලි බලය උසස් ප්‍රමිතියකින් හා අඛණ්ඩව ලබාදීමේ වැඩපිළිවෙලකට යායුතු බව ජාතික ප්‍රතිපත්ති හා අර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.


    රාජ්‍ය අමාත්‍යවරයා අද (22) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

    මේ විදුලි බල පද්ධතියට වෙනස් කම් කළේ නැත්නම් අනාගතයේ අර්බුදයට මුභුණ පා ජනතා ජීවිතය කඩා වැටෙන්න පුළුවන්. ප්‍රශ්න කල්දැම්මොත්, ප්‍රශ්න විසදන්න ආයෝජනය කළේ නැත්නම්, ක්ෂේත්‍රය කාර්යක්ෂම හා ප්‍රමිතියෙන් උසස් කළේ නැත්නම් බලපතල අර්බුදයකට මුහුණ දෙන්න සිදු වෙනවා.

    විදුලිබල ක්ෂේත්‍රය නවීන තාක්ෂණයෙන් අලුත් වෙනවා.විශේෂයෙන් දීර්ග කාලීන සැළසුමක් අනුව වාසිදායක වන ලෙස  සිදු කළ යුතුයි. විදුලි මාෆියවක් ගැන කතාකර තිබෙනවා. රටේ ආර්ථිකයට විශාල විනාශයක් කරන්නේ, සංවර්ධන වැඩවලදී තමන්ගේ කොමිස් කුට්ටි ගන්නා දේශපාලඥයන්, රජයේ නිලධාරින් විශාල බලපෑමක් කරලා, පෞද්ගලික වාසියට ඒ ක්ෂේත්‍ර හදාගන්න බලනවා. එදා විදුලි මාෆියාවක් තිබුණා  යැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya