අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට තුළම ඖෂධ නිෂ්පාදනය කර රටට ලබාදෙන්නට කටයුතු කරනවා - සෞඛ්‍ය සේවය සම්පූර්ණයෙන් නිදහස් සේවයක් කිරීමට හැකි වුණා

    සැප්තැම්බර් 22, 2017

    නිදහස් සෞඛ්‍ය කියා සල්ලි දුන්නේ බහුජාතික සමාගම්වලටයි. එක එක අයට වාසි දායක රෙගුලාසි යාවත්කාලීන කළා.ටෙන්ඩර්වල විශාල මඟඩියක් තිබුණා.ඖෂධ නියාමනයට විශේෂඥ කමිටු පහක් පත් කර තිබෙනවා. ලබන වසර වන විට ඖෂධවලින් සියයට 85%ක් රට තුළ නිෂ්පාදනය කර රටට ලබාදෙන්නට කටයුතු කරනවා. සෞඛ්‍ය සේවය සම්පූර්ණයෙන් නිදහස් සේවයක් කිරීමට හැකි වුණා යැයි සෞඛ්‍ය ,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (22) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝගය විවාදය ආරම්භ කරමිනි.

    වෛද්‍ය උපකරණ මිල නියම කිරීම, ඖෂධ  ලියාපදිංචියට 2009 පස්සේ කිසිදු ගාස්තු වැඩි වීමක් කර නෑ. ගාස්තු වැඩි කිරීම තුළින් සේවවක් බලාපොරොත්තු වෙන්නේ. එක නියෝජිතයා ඖෂධ ගණනාවක් ලියපදිංචි කරලා, ඉහළ මිල සමඟ ගණුදෙනු කරන්නේ.මෙය තමයි ලොකුම ප්‍රශ්නය මෙය. ලංකාවට අනවශ්‍ය ඖෂධ රැසක් මේ නිසා ඇවිත් තියෙනවා. අලුතින් ඖෂධ ලියාපදිංචිය හා උපකාරණ මිලදී ගැනීම ඖෂධ ශාලා ලියාපදිංචිය අන්තර්ජාලයෙන් කිරීමට පහසුකම් සළසා තිබෙනවා. දත්ත සැකසුම් පද්ධතියෙන් ඉක්මනින් ලියාපදිංචි කිරීමේ හැකියාව ඇති වී තිබෙනවා. ලියාපදිංචි සහතික නිකුත් කිරීම ස්වයංක්‍රීය කර තිබෙනවා. ඖෂධ නියාමනයට විශේෂඥ කමිටු පහක් පත් කර තිබෙනවා. මේ සඳහා  විශේෂඥ වෛද්‍යවරු ඉන්නේ.

     

    විශාල වෙනසක් ඖෂධ මිලෙහි ඇති වී තිබෙනවා. ඖෂධ තුන්සිය ගණනක මිල අඩු කර තිබෙනවා. විශාල අන්දමින් පාලනයක් කළා. වෙළඳ පොළට බලපෑමක් වුණා.අධික මිල තියෙන ඖෂධ මිල පාලනය කරන්න බැලුවා. මම අත ගැසුවේ නෑ. විද්‍යාත්මක  පැත්තට මම අත ගැහුවේ නෑ.

    අද අක්ෂි කාච සඳහා  මිල අඩු කළා. රෝහලේ සියලු අක්ෂි කාච නොමිලේ ලබාදෙනවා. ස්ටෙන්ට් මිල අඩුකළා,එක්ලක්ෂ පන්දහසකට. රෝගීන් මිය ගියේ සල්ලි නැති නිසා. නිදහස් සෞඛ්‍ය තිබුණේ නෑ. එක ලෙඩාට ලක්ෂ එක සිය අසූව වියදම් කර තිබෙනවා.  ටෙන්ඩර්වල විශාල මඟඩියක් තිබුණා. ඖෂධ සමාගම්වල බලපෑම තිබුණා. අයූධ මාෆියාවට පසුව ලෝකයේ තිබෙන ලොකුම මාෆියාව ඖෂධ මාෆියාවයි. සියලු කඩඉම් පනින්න සිදු වුණා. නිදහස් සෞඛ්‍ය කියා සල්ලි දුන්නේ බහුජාතික සමාගම්වලටයි. එක එක අයට වාසි දායක රෙගුලාසි යාවත්කාලීන කළා. උපකරණවලට රෙගුලාසි හදනවා. භාන්ඪවල ගුනාත්ම්ය හදනවා. ඖෂධ ශාලා ලියාපදිංචියට මාර්ගෝපදේශ මාලාවක් සකස් කර තිබෙනවා.


    අක්ෂ කාච අඩුකරනකොට එක සමගමක් කතා කළේ නෑ.අපි විද්‍යාත්මක ක්‍රම හොයා ගත්තා. අපිට රේගුව උදව් කළා. අපිට ශක්තිමත් රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරියක් තිබුණු නිසයි මේ දේවල් කරන්න හැකි වුණේ. අද 38 ගිවිසුම් අත්සන් කර  තිබෙනවා ඖෂධ මෙරට නිෂ්පාදනය කරන්න. ලබන වසර වන විට සියයට 85%ක ඖෂධ රට තුළ නිෂ්පාදනය කර රටට ලබාදෙන්නට  බලාපොරොත්තු වෙනවා. විදේශීය ආයුර්වේද ඖෂධ හා දේශීය වෛද්‍ය ඖෂධ සඳහා නියාමනයට අධිකාරියක් සකස් කිරීමටත් බලාපොරොත්තු වෙනවා. පෞද්ගලික රෝහල්වල ප්‍රතිකාර සිදු කරන මිල පාලනයක් ගෙන එනවා. ස්ථීර පාලනයකට ඉදිරියේ දී ගෙන එනවා යැයි ද අමාත්‍යවරය පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya