අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ටෙලි නාට්‍ය සඳහා ප්‍රමිතියක් සකස් කළ යුතුයි - සියලු පාර්ශවයන්ට සාධාරණයක් වන ලෙස බදු මුදල් අයකිරීමට පියවර ගන්නවා

    සැප්තැම්බර් 22, 2017

    විදේශීය ටෙලි නාට්‍ය හා චිත්‍රපට දේශීය නාලිකාවල පෙන්වීම හේතුවෙන් දේශීය ටෙලි නාට්‍ය හා ශිල්පීන්ට දැවැන්ත අභියෝගයක් එල්ල වී ඇති බවත් ටෙලි නාට්‍ය සඳහා නීති සකස් කර ප්‍රමිතියක් සකස් කළ යුතුව තිබෙන බවත් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

     පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, ලාංකික ටෙලි නාට්‍ය කලාව මුහුණ දී ඇති ගැටළු සම්බන්ධයෙන් වාචික ප්‍රශ්නයක් යොමු කරමින් විමසූ පැනට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා අද (22) පාර්ලිමේන්තුවේ දී මෙසේ පැවසීය.


    විදේශීය ටෙලි නාට්‍ය හා චිත්‍රපට දේශීය නාලිකාවල පෙන්වීම නිසා ප්‍රශ්න ඇතිවී දේශීය ටෙලි නාට්‍ය හා ශිල්පීන්ට දැවැන්ත අභියෝගයක් එල්ල වෙලා. බදු අයකිරීමෙන් මේ වනවිට බිලියන 1.5ක් එකතු වී තිබෙනවා. ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ අංශ ගණනාවක් සම්බන්ධ කරගෙන සාකච්ඡා කර තිබෙනවා. ටෙලි නාට්‍ය සඳහා නියාමනයක් නෑ. නීති සකස් කරලා ප්‍රමිති සකස් කිරීමක් කළ යුතුයි. නව අයවැය මඟින් හෝ සියලු පාර්ශවයන්ට සාධාරණයක් ඇතිවන ලෙස බදු මුදල් අයකිරීමට පියවර ගන්නවා. 2006 සිට බද්ද පැන වූවා බදු අයකිරීම ගැන අපැහැදිළිකම් තිබෙනවා . ඒ සියල්ල නිවැරැදි කිරීමට කටයුතු කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    විදේශීය චිත්‍රපට සඳහා පැන වූ බද්දෙන් වසර 2016  දී මිලියන 36.5ක් ආදායමක් උපය ඇත. විදේශීය ටෙලි නාට්‍ය සඳහා පන වූ බද්දෙන් 2015 වසරේ දී මිලියන 89.4ක් ද වසර 2016 දී මිලියන 124.1 ක් ද උපයාගෙන ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya