නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපට අවශ්‍ය අලුත් දේශපාලන සංස්කෘතියක් ගොඩනගන්නයි - අමාත්‍ය මහින්ද අමරවීර

    සැප්තැම්බර් 20, 2017

    මැරවර දේශපාලනයට එරෙහිව මේ රටේ පිරිසිදු දේශපාලනයක්, අද කතා කරන්න පටන්ගෙන තිබෙනවා. අද අපට අවශ්‍ය අලුත් දේශපාලන සංස්කෘතියක් ගොඩනගන්නයි. ජනාධිපතිතුමා පිරිසිදු ආණ්ඩුවක් ගෙනයන්න කටයුතු කරන බව  අමාත්‍ය මහින්ද අමරවීර මහතා  අද (20) පාර්ලිමේන්තුවේ දී පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත විවාදයේ අඳහස් දක්වමිනි.

    අපි මානප ඡන්ද ක්‍රමයෙන් දේශපාලනයට ප්‍රවේශ වුණේ.මනාප ඡන්ද ක්‍රමය  අහෝසි කරන්න කවුරු හරි කටයුතු කරනවා නම්  අත් දෙක උත්සනවා. එක පක්ෂයේ ඇතුළේ කුලල් කා ගන්න ක්‍රමයක් මනාප ඡන්ද  ක්‍රමය.භාරත ලක්ෂ්මන් ඝාතනය වෙන්න ප්‍රධාන හේතුවක් මනාප ඡන්ද ක්‍රමයයි.

    මේ නිසා ජීවිත විශාල ප්‍රමානයක් නැතිවෙලා තිබෙනවා. මෙයට හේතුව මනාප ඡන්ද ක්‍රමය නිසයි. පසුගිය ආණ්ඩුව කාලයේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ගැන කමිටුවක් තිබුණා. අපි කමිටුවේ දී අඳහස් දැක්වූවා. රටෙන් ඇසුවොත් කියයි මනාප ඡන්ද ක්‍රමය අහෝසි කරන්න කැමැතියි කියයි. මෙයින් මඟ හරින්න විවිධ දේ කියන්න පුළුවන්. ඉතිහාසයේ කවර හෝ දවසක මෙයට ඡන්දය පාවිච්චි නොකොළොත් එයට පසු තැවෙන්න වෙයි.  ඡන්ද ක්‍රමයේ වෙනසක් ඇති කරගැනීමටයි මේ ජාතික ආණ්ඩුවට සම්බන්ධ වුණේ. අපි කාටවත් ගැතිවෙලා දේශපාලනය කරන්නේ නෑ. අපි ගොඩනගා ගත්තේ දේශපාලන ප්‍රතිපත්තියයි යැයි  ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya