අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත විවාදයේ අඳහස් දක්වමිනි.
පනත් කෙටුම්පත් ක්‍රියාත්මක කිරීමේදී පටිපාටික් තිබෙනවා. රජයේ අරමුණ වන්‍නේ නව ඡන්ද ක්‍රමයක් හඳුන්වාදීමයි. ඒ සඳහා අප ගමන් කළ යුතුයි. පසුගිය රජයත් ඔවුන්ට අවේණික අදහස්වලට අනුව යෝජනා ඉදිරිපත් කළා. ඕනෑම පනතක් අධිකරණය ඉදිරියට ගෙන යාමට අවස්ථාවක් ලැබීමට කාලයක් ලබාදිය යුතුයි. මේ රටේ සිටින සුළු ජාතීන් වශයෙන් අපට මේ මැතිවරණ ක්‍රමය ගැන අඩුපාඩුකම් පෙනෙනවා. පළාත් පාලන මැතිවරණ නොපවත්වා වසර දෙකක කාලයක් ගතවෙනවා. එවන් තත්ත්වයක් පළාත් සභාවට ඇති නොවිය යුතුයි. අගමැතිවරයා සහතිකයක් දී තිබෙනවා මාස 04ක් ඇතුළත සීමා නීර්ණය අවසන් කරන්න යැයි ද අමාත්‍යවරයා පැවසී ය.