නියෝජ්‍ය අමාත්‍යවරයා අද (20) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමිනි.
මනාප මැතිවරණ ක්‍රමය තුළ එකම දේශපාලන පක්ෂයේ අය මරාගත්තා කොටාගත්තා. අපි කවුරුත් පිළිගන්නවා, මෙම මනාප ක්‍රමය ඉවත් කර කොට්ඨාශයට වගකියන ජනතා නියෝජිතයෙක් ලබාදීම සධරණයි කියාල. ඒ ක්‍රමය තමයි පළාත් සභා ක්‍රමයට ඇති වෙන්නේ. අදින් පසු සැම පළාත් සභා මැතිවරණක්ම පවැත්වෙන්නේ කොට්ඨාශ හා සාමානුපාතික ක්‍රමය මිශ්‍ර මැතිවරණ ක්‍රමයකටයි.
සල්ලි නැතිව මනාප ඡන්දයට එන්න බෑ. මෙවැනි තත්ත්වය නිසා ජනතාව තුළ වැරදි ආකල්ප ඇති වෙලා. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දයක වෙනවා කිව්වා. අද අපි සතුටු වෙනවා මෙය ක්‍රියාත්මක කරන්න හැකිවීම ගැන. මෙම මැතිවර්ණ ක්‍රමය ගේන්නේ මැතිවරණය කල් දමන්න හා මැතිවරණවලට බයේ කියලා. සියලු දෙනා පිළිගත යුතුයි මෙහි ප්‍රතිඵලය රටට අවශ්‍ය ප්‍රතිඵලය කියලා. නීතියට පිටින් නොවේ සංශෝධන ගෙනවිත් තිබෙන්නේ.
පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයට මෙය ගෙන ඒමටත් කටයුතු කරමු. ප්‍රතිපත්තිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න සංශෝධන ගෙන එන්න කටයුතු කර තිබෙන්නේ යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය