රාජ්‍ය අමාත්‍යවරිය අද (20) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමිනි.
ශ්‍රී ලාංකික කාන්තාවගේ ජයග්‍රහනයක්. පළාත් සභාව තුළ කාන්තා නියෝජනය සියයට 25%ක් කිරීම රජය සහතික කර තිබෙන බව සතුටින් ප්‍රකාශ කළ හැකියි. කාන්තාවට කිසිදු බාධාවකින් තොරව සහභාගී වීමට ඊට ඉඩකඩ ලැබෙනවා.
එදා අපි කිව්ව දේ ඇසුවේ නෑ. කාන්තා නියෝජනය 25%ක් ලැබීම කාන්තව පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව ලැබූ ජයග්‍රහනයක්. සුදුසුකම් තිබෙන දක්ෂ කාන්තාවන් රටේ සිටින බව කිව යුතුයි. කාන්තාව සිටිනවා තීන්දු තීරණ ගන්න හැකි තැන් වල.ඉහළ තලයේ රැකියාවල කාන්තාව නියැලෙනවා.හොඳ ශක්තිමත් කාන්තාවන් 13ක් අද පාර්ලිමේන්තුවේ සිටිනවා. ඔවුන් නිකම් ම සාරි පොටවල් නොවේ යැයි රාජ්‍ය අමාත්‍යවරිය පැවසී ය.