නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සභාවේ කටයුතු තාවකාලිකව අත්හිටුවයි

    සැප්තැම්බර් 20, 2017

    පාර්ලිමේන්තුවේ සභාවේ කටයුතු අද (20)  තාවකාලිකව අත්හිටුවීමට කතානායක කරූ ජයසූරිය මහතා පියවර ගත්තේ ය.

    හදිසි පක්ෂ නායක රැස්වීමක් නිසා සභාව මෙලෙස තාවකාලිකව අත් හිටුවීමට සිදුව තිබේ.

    අද උදැසන පළාත් සභා සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගත් අතර  එහිදී සභාවේ උණුසුම් වාද විවාද ඇති විය. එහිදී සංශෝධන් සම්බන්ධයෙන් පළාත් සභා දැනුවත් විය යුතු බවට මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දුන් අතර එහිදී කතානායකවරයා සඳහන් කළේ, එසේ අවශ්‍ය නොවන බවයි. කෙසේ වෙතත් දහවල් පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරය සමඟ සාකච්ඡා කර  තීරණයක් ලබාදිය හැකි බවද කතානායකවරයා පෙන්වා දුන්නේ ය.

    විවාදය පසුව ආරම්භ වීමෙන් අනතුරුව නැගී සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, පක්ෂ නායක රැස්වීමට විරෝධයක් නොමැති බවත් පක්ෂ නායක රැස්වීමක් තැබීමට සභාව තාවකාලිකව අත් හිටුවීමට කටයුතු කිරීම කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් කතානායකතුමා විසින් තීරණය කළ යුතු බවත් ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya