දෙවැනිවර කියවීම පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
මනාප ඡන්ද ක්‍රමයෙන් බැහැරට ගොස් ජනතාවට වගකිව යුතු ඡන්ද ක්‍රමයක් සඳහා මේ සභාවේ සහයෝගය ලබාදෙන්න යැයි පනත් කෙටුම්පත විවාදයට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා පැවසී ය. මෙම පණත් කෙටුම්පත සම්මත කිරීමට පෙර පළාත් සභා දැනුවත් කළ යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කතානායකවරයාට පෙන්වා දුන් අතර, ඒ සම්බන්ධයෙන් පළාත් සභාවෙන් විමසීමට අවශ්‍ය නොවන බවත් නීති උපදෙස් අනුව ඒ පිළිබඳව ප්‍රකාශ කරන බවත් කතානායකවරයා පැවසී ය.
මේ සම්බන්ධයෙන් තීරණයක් ලබාදෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කතානායකවරයාගෙන් ඉල්ලීය. මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමා සමඟ සාකච්ඡා කර තීරණයක් ප්‍රකාශ කරන බවද කතානායකවරයා දන්වා සිටියේ ය.
සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - පළාත් පාලන පළාත් සභා පාර්ලිමේන්තු මැතිවරණ ගැන විවාදයක් නෑ. එදා 18 වන සංශෝධනය උදේ ගෙනැල්ලා සවස පාස් කළා. 18 මතකද? මොනාද මේ කතාකරන්නේ?. ආංශික කමිටුවට යන්න අවශ්‍ය නෑ. කාරක සභා අවස්ථාවේ දී ඕනෑම සංශෝධනයක් ගේන්න පුළුවන්.
කතානායක - මම විපක්ෂයට කන් දුන්නා. අගමැතිතුමා පක්ෂ නායකවරු හමුවෙනවා. එහිදී තීන්දුවක් ගන්න පුළුවන්. මේ විවාදය කරගෙන යමු.
පනත් කෙටුම්පත අමාත්‍යවරයා විසින් සභාවට ඉදිරිපත් කළ අතර පසුව විවාදය ආරම්භ විය.