අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් දීර්ග කාලීන සහනදායි සැළැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා

    අගෝස්තු 23, 2017

    වගකිව යුතු රජයක් ලෙස, නියඟයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රාජ්‍ය යාන්ත්‍රණය තුළ  දීර්ග කාලීනව සැලසුම් සකස් කර සහනදායි සැළැස්මක් ක්‍රියාත්මක කර තිබෙන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු  රාජ්‍ය අමාත්‍යනිරෝෂන් පෙරේරා මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, නියං තත්ත්වය පිළිබඳව අද (23)  පාර්ලිමේන්තුවේ දී සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයට අඳහස් දක්වමිනි.

    ලෝකයේ කාලගුණය වෙනස් වෙලා. ලෝකයේ සියලු ජනතාවට පීඩා විදින්න සිදු වෙනවා කියලා විශේෂඝ්නයන් අනතුරු අඟවා තිබෙනවා. අපේ රටේ දීර්ග කාලයක් වූ පරිසර විනාශය, ජනගහනය වැඩි වීම මේ ප්‍රශ්නය උග්‍ර වීමට හේතු වී තිබෙනවා. පුත්තලම දිස්ත්‍රික්කය විශාල පවුල් ප්‍රමාණයක් නියඟයෙන් පීඩාවට පත්වෙලා. කෘෂි කර්මයට පමණක් නොව බීමට ජලය නෑ. කාලගුණය අනුව තරමක වැසි ආවත්, වැව් ගංගා එන්න එන්නම  ජලය අඩුවෙලා. මේ නියඟය තුළින් පීඩාවට පත් වූ සියලු ජනතාවට රජය මැදිහත් වී පීඩාව අවම කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. මූලික අවශ්‍යතාවක් වන පානීය ජලය ලබාදීමට දීර්ග වශයෙන් සාකච්ඡා කර පුළුල් සහනදායි වැඩපිළිවෙලක් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya