මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමෘද්ධි ව්‍යාපාරය වඩා ශක්තිමත්ව ඉදිරියටත් - ජනපති

    අගෝස්තු 23, 2017
    පොදු මහජනතාවගේ ආර්ථිකය ගොඩනඟන පුළුල් ජාතික බලවේගයක් බවට සමෘද්ධි ව්‍යාපාරය අද පත්ව තිබෙන අතර, එය පසුගිය කාලයට වඩා හෙට දවසේ වඩා ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන ඒම සඳහා රජයේ වගකීම් නොපිරිහෙළා ඉටුකරන බව ජනාධිපතිතුමා පවසයි.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (23) පෙරවරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති සමෘද්ධි ප‍්‍රජා ශක්ති 2017 ජාතික සම්මේලනය අමතමිනි.
     
    ආර්ථික වශයෙන් ශක්තිමත් කළ යුතු සියලු ප‍්‍රජාවන් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ සඳහා වත්මන් රජය නව ජීවයක් සහ නව ජවයක් ලබාදී තිබෙන බව මෙහිදි ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා පොදු ජන යහපත වෙනුවෙන් සමෘද්ධි ව්‍යාපාරය ගොඩනැගීමට ද පසුගිය වසර දෙක හමාර තුළ සුවිශේෂි වැඩකොටසක් ඉටුකළ බව ප‍්‍රකාශ කළේය.
     
    අද සමෘද්ධි ව්‍යාපාරය සාර්ථකව ක්‍රියාත්මක වන්නේ දිවයිනේ පළාත් 07 ක් තුළ පමණක් බවද මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා සමෘද්ධි ව්‍යාපාරය සාර්ථක නොවූ උතුරු නැගෙනහිර පළාත්වල ද එය සාර්ථක කර ගැනීම වෙනුවෙන් ක්ෂේත‍්‍රයේ සියලුදෙනාගේ දැනුම, අත්දැකීම් මෙන්ම දායකත්වය අපේක්ෂා කරන බව කියා සිටියේය.
     
    පළාත් 09 වශයෙන් විවිධ ව්‍යවස්ථාපිත තත්ත්වයන් තිබුණ ද ගෞරවණීය රටක් ලෙස සමස්ත රටම එක හා සමාන ලෙස ගොඩනැගීම වත්මන් රජයේ ප‍්‍රතිපත්තිය බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා දීර්ඝ කාලීන යුද්ධය හේතුවෙන් සංවර්ධනයේ පසුබෑමට ලක් වූ උතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධන ව්‍යාපෘති සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල බඳවා ගනිමින් එම කටයුතු විධිමත් කිරීමට රජය සැලසුම් සකස් කර තිබෙන බව ද ප‍්‍රකාශ කළේය.
     
    දේශීය ආර්ථික ප‍්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී සමෘද්ධි ව්‍යාපාරය හරහා ආරම්භ කර තිබෙන කුඩා ව්‍යාපෘති, ප‍්‍රාදේශීය ව්‍යාපෘති බවට පත්කරමින් ජාතික මට්ටමට ගෙන, විදේශ වෙළෙඳපොළ දක්වා ගෙන ඒමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.
     
    සමෘද්ධි ප‍්‍රජාමූල නියෝජිතයින් සිව් දෙනෙකුට තිළිණ ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    සමාජ සවිබල ගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී. දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, අමාත්‍යාංශයේ ලේකම් ශිරාණි වීරකෝන්, සමෘද්ධි සංවර්ධන දෙපාර්තම්න්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීල් බණ්ඩාර හපුහින්න, සමෘද්ධි ප‍්‍රජාමූල බැංකු මහ සංගම් සභාපතිනි ආර්.ඒ. චිත‍්‍රානී රණතුංග යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya