අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟයට මුහුණ දුන් ජනතාවගේ පානීය ජල ගැටළුව විසඳීමට උපරිම දායකත්වය ලබාදී තිබෙනවා

    අගෝස්තු 23, 2017

    නියඟයට මුහුණ දී සිටින ජනතාවගේ පානීය ජල ගැටළුව විසඳීමට උපරිම දායකත්වය ලබාදීමට කටයුතු කර තිබෙන බවත් දිවා කාලයේ පමණක් නොව රාත්‍රි කාලයේ දීත් බවුසර් මඟින් ජලය ලබාදීමට කටයුතු කර ඇති බව නගර සැලසුම් සහ ජලසම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, නියං තත්ත්වය පිළිබඳව අද (23) පාර්ලිමේන්තුවේ දී සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයට අඳහස් දක්වමිනි.

    නියඟයේ දී පානීය ජලය වැඩපිළිවෙල දී නිලධාරීන් වෙහෙසි කැපවීමෙන් කටයුතු කරනවා.උතුරු මැද,උතුර, වයඹ, ඌව පළාත්වල ප්‍රශ්නය උග්‍ර ලෙස පවතිනවා. සාමාන්‍ය ජල අවශ්‍යතාව පවත්වාගෙන යාමට කටයුතු කරනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව හා මහව ජල සම්පාදනයට ප්‍රමාණවත් ධාරිතාව නොමැතිවීමෙන් දිනක් හැර දිනක් බවුසර් මඟින් ලබාදීමට සිදු වී තිබෙනවා. පානීය ජල පහසුකම් බවුසර් මඟින් යොදවා ලබාදී තිබෙනවා. ජල ටැංකි 308 යොදවා තිබෙනවා. ගමපහ,කටාන දිවුලපිටිය සඳහා ට්‍රැක්ටර් බවුසර්වලින් ජලය සපයනවා. අක්‍රිය වී ඇති නළ ළිං පුනරුත්ථාපනය  කර තිබෙනවා. නිෂ්පාදන ළිං 270ක් අලුතින් එළි කර තිබෙනවා.

    බවුසල් මඟින් ජලය ලබාදීම දිවා කාලයේ පමණක් නොව රාත්‍රි කාලයේ ද ලබාදීමට කටයුතු කර තිබෙනවා. වකුගඩු ප්‍රශ්නය පවතින ප්‍රදේශවලට ජල පෙරණ යන්ත්‍ර 69ක් ලබාදී තිබෙනවා. පානීය ජල ගැටළුවට මුහුණ දුන් ජනතාවට පානීය ජලය ලබාදීමට උපරිම දායකත්වය ලබාදී තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya