අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ, නියං තත්ත්වය පිළිබඳව අද (23) පාර්ලිමේන්තුවේ දී සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයට අඳහස් දක්වමිනි.
සමස්තයක් ලෙස දිස්ත්‍රික්ක කීපයක් ප්‍රශ්නයට මුහුණ දීලා. අනුරාධපුරය දිස්ත්‍රික්කය නියඟයට මුහුණ දී තිබෙනවා. සියලු ජලමූලාශ්‍ර සිදී යෑම තුළ ජනතව ලොකු ප්‍රශ්නයකට මුහුණ දීලා. 124000ක පිරිසකට නියඟය බලපා තිබෙනවා.
රජය අවශ්‍ය වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ජනතාවගේ පැත්තෙන් බලලා ජනතාවට සහන ලබාදීමට කටයුතු කර තිබෙනවා. පානීය ජලය, ග්‍රාමසේවා වසම් 126කට ලබාදීමට කටයුතු කර තිබෙනවා. අනුරාධපුරය දිස්ත්‍රික්කයේ පවුල් 24034කට පානීය ජලය ලබාදීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ගොවි පවුල් 30815කට වන්දි ලබා දීමට කටයුතු කර තිබෙනවා. නියඟයට මුහුණ දුන් පවුල්වට සහල් ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. පවුල් 56222ක මෙම ප්‍රතිලාභය ලබාදීමට හැකි වී තිබෙනවා යැයි ද අමාත්‍යවරිය පවසි ය.