මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟයට මුහුණදුන් සමාජය යථා තත්ත්වයට පත් කිරීමට රජය මැදිහත් වී කටයුතු කරනවා

    අගෝස්තු 23, 2017

    නියඟයට මුහුණදුන් සමාජය යථා තත්ත්වයට පත් කිරීමට රජය මැදිහත් වී කටයුතු කරමින් සිටින බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, නියං තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ දී සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයට අඳහස් දක්වමිනි.

     

    ඉතාම වැදගත් මහජනතාවට බලපාන කරුණක්. රජය හැටියට ප්‍රශ්න දෙකකට මුහුණ දුන්නා. ගං වතුරට මුහුණ දුන්නා. නියඟයකට රජය මුහුණ දී තිබෙනවා. ග්‍රාම නිලධාරී වසම් 5050ක් ගංවතුර නිසා බලපෑම් සිදු වුණා.  අනෙක් ප්‍රදේශ නියඟයට මුහුණ දෙනවා. ගංවතුරෙන් ජනතාව යථා තත්ත්වයකට පත් කරන්න කටයුතු කරමින් සිටිනවා. නියඟය නිසා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 144ක් ග්‍රාම සේවා වසම් 6000ක් මුහුණ දී සිටිනවා.


    රජය ගංවතුර හා නියඟය වෙනුවෙන් බිලියන 100ක් සහන සඳහා යොදවා තිබෙනවා. ගංවතුර සඳහා බිලියන 60ක් යොදවා තිබෙනවා.නියඟය වෙනුවෙන් තවත් බිලියන 80ක් අවශ්‍ය වෙනවා. රජයක් හැටියට සියලු ක්‍රියාමාර්ග ගන්නවා.

    ජනාධිපතිතුමා,අගමැතිතුමා මැදිහත්වීමෙන්, රජය නියඟයට මුහුණ දුන් සමාජය යථා තත්ත්වයට පත් කරන්න කටයුතු කරනවා. රජය මැදිහත් වී රජය කටයුතු කරමින් සිටිනවා.  සහන ලබාදීමේ දී වෙනත් දීමනා තිබුණා නම් ඒ අතරේ තමයි මේ තීරණත් ක්‍රියාත්මක කළේ. අඩු පාඩු තියෙනවා නම් එම සාධරණ අදහස් සැලකිල්ලට ගෙන සහන ලබාදීමේ වැඩසටහන ශක්තිමත් කරන්න හැකි වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya