සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් සභාවට යොමු කළේ ය.
නියං තත්ත්වය පිළිබඳව රජයේ අවධානය යොමු කළ යුතු බව සඳහන් කළ මන්ත්‍රීවරයා, මේ ප්‍රදේශවල ආර්ථිකය ආරක්ෂා කරගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේ ය.
මෙහිදී පිළිතුරු දුන් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කළේ, රුපියල් දස දහසක දීමනාවක් ලබාදීමට කටයුතු කර තිබෙන බවත් වියළි සළාක ලබාදීමට ද කටයුතු කර තිබෙන බවද ප්‍රකාශ කළේ ය