නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දළඳා මාලිගාවේ රන් වියන ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 45ක්

    අගෝස්තු 23, 2017
    මහනුවර ඓතිහාසික දළඳා මාලිගාවේ රන් වියනේ රන් ආලේප කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් රුපියල් මිලියන 45ක මුදලක් ලබාදී ඇත.
     
    මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන්ගේ ඉල්ලීම පරිදි ජනාධිපතිතුමා විසින් මෙම මුදල ලබාදී තිබෙන අතර අදාළ චෙක්පත ඊයේ (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා විසින් මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතා වෙත භාරදෙනු ලැබීය.
     
    හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා විසින් ශ්‍රී දළදා මාලිගාවට රන් වියන පූජා කළ අතර දළදා සමිඳුන් වැඩසිටින කුටියට ඉහළින් එය ස්ථාපිත කර තිබේ.
     
    එල්.ටී.ටී.ඊ සංවිධානය මගින් 1998 වසරේදී දළදා මාලිගාවට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ රන් වියනට ද හානි සිදු වූ අතර 2001 වසරේදී එය ප‍්‍රතිසංස්කරණය කරනු ලැබීය.
     
    ඉන් වසර 16 කට පසු යළිත් රන් වියන ප‍්‍රතිසංස්කරණය කිරීමට නියමිත අතර ඒ සඳහා මෙම මුදල වැය කිරීමට නියමිතය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya