අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පැරා ඔලිම්පික් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත ජනපති හමුවෙයි

    අගෝස්තු 23, 2017
     
    2016 බ‍්‍රසීලයේ පැවති රියෝ පැරා ඔලිම්පික් උළෙලේදී හෙල්ල විසී කිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගනිමින් හා 2017 ලන්ඩන් නුවර පැවති ලෝක ශූරතා පැරා ඔලිම්පික් උළෙලේදී රිදී පදක්කමක් දිනාගනිමින් මවුබිමට කීර්තියක් අත්කරදුන් දිනේෂ් ප්‍රියන්ත මහතා ඊයේ (22) පෙරවරුවේ ජනධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.
     
    සිය කුසලාන මෙහිදී ඒ මහතා විසින් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ අතර ඔහුගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා මාතෘ භූමියට අත්කරදුන් කීර්තිය පිළිබඳ ව ස්තූතිය පළ කළේය.
     
    දිනේෂ් ප්‍රියන්ත මහතාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් ජනාධිපතිතුමා සිය උණුසුම් සුභාශිංසනය ද පිළිගැන්වීය.
     
    ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, පැරා ඔලිම්පික් කමිටුවේ සභාපති යූ.ආර්. රුද්‍රගෝ, පුහුණුකරු ප‍්‍රදිප් නිශාන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya