මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සැවොම එකඟ වූ ඡන්ද ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍යයි

    අගෝස්තු 22, 2017

    ඉදිරිපත් කිරීමට යෝජිත නව ඡන්ද ක්‍රමය ඉදිරි පළාත් පාලන මැතිවරණය තුළින් අත්හදා බැලීමට හැකි බවත් එක ඡන්ද ක්‍රමයක් හැම මට්ටමකින් ම ක්‍රියාත්මක කිරීම වුවමනාව බවත් සැවොම එකඟ වූ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.


    (24) වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පළාත් පාලන මැතිවරණ පනත් කෙටුම්පත සඳහා ඉදිරිපත් කිරීමට නියමිත සංශෝධන   අද (22) වනතෙක් ලැබී නොමැති බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නගන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේ ය.

     

    ඡන්ද ක්‍රමය ගැන විශාල විවාදයක් මේ රටේ ගියා. එදා යෝජනාවට පක්ෂ අතර එකඟතාවයක් තිබුණේ නෑ. ඒකට කල්ගියා. කාන්තා නියෝජිතයන් හා ඇමැතිතුමා අතර තව සාකච්ඡවක් ගියා. සංශෝධන 55ක් මැතිවරණ කොමිෂමෙන් දීලා තිබෙනවා. ඒ ටිකත් ලබාදෙන්නම්. සියලු දෙනාටම ඕන මේ ඡන්දය පවත්වන්නයි. ඔක්කොම එකතුවෙලා කරමු.තවත් කල්දමා ගන්න බෑ.

    විවිධ සංශෝධන එනවා කරක සභා අවස්ථාවේ දී.අලුත් ක්‍රමයට අනුකූල ඒවා විතරයි අරගන්නේ. අපිටත් අවශ්‍ය අපි ඔක්කොම එකඟ වූ ක්‍රමය ක්‍රියාත්මක කරන්නයි.

    අපිට වුවමනා එක ඡන්ද ක්‍රමයක් හැම මට්ටමකින් ම ක්‍රියාත්මක කරන්නයි.මේවා ඔක්කොම අත්හදා බැලීම්. පාර්ලිමේන්තු ඡන්දයට පුරුදු වෙනවා. පටහැනි ඒවා ඉවත් කරගන්න පුළුවන්. ජනතාවට අවස්ථාව දෙමු. අලුත් ව්‍යවස්ථාවට කලින් මේවා නිවැරැදි කරගන්න හැකි වෙනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-
    පළාත් පාලන මැතිවරණය සංශෝධන පනත් කෙටුම්පත අපි 24 දා විවාදයට ගෙන ගෙන එනවා.මැතිවරණය ඉක්මනින් පැවැත්වීමේ අවශ්‍යතාව අපට තිබෙනවා. මෙම පනතට අදාළ ඡන්ද විමසීම වෙනත් දිනයකදී පැවැත්වීමට  යෝජනාවක් තිබුණා. ඇයි ඡන්දය කල් දමන්නට හදන්නෙ. මේ අයට මැතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාවක් නැහැ. පනත සම්මත කළත් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කරන්නට පුළුවන්. පසුගිය ආණ්ඩු සමයේ 18 වැනි සංශෝධනය උදේ ඉදිරිපත් කර සවස සම්මත කරගත්තා.අපි එහෙම කරන්නෙනැහැ.අවශ්‍ය සංශෝධන සඳහා අපි අවස්ථාව දෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya