අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “හුලන්දාව නව ගම්මානය” අගමැති සුරතින් ජනතා අයිතියට

    අගෝස්තු 19, 2017
    කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ  වැවිලි ප්‍රජාව වෙනුවෙන් ඉදිකළ නිවාස 25කින් යුතු "හුලන්දාව නව ගම්මානය" අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) ජනතා අයිතියට පත් කෙරිණි.
     
    පර්චස් 07ක භූමි භාගයක වර්ග අඩි 550 කින් යුතු කාමර 2ක්, විසිත්ත කාමරයක්, මුළුතැන්ගෙයක් සහ නාන කාමරයකින් මෙම නිවාස සමන්විත අතර අග්‍රමාත්‍යවරයා අතින් නිවාසලාභීන් සඳහා නිරවුල් ඔප්පු පිරිනැමීමද මෙහිදී සිදු විය.
     
    මේ සඳහා කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම්, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී  බුද්ධික පතිරණ,  අමාත්‍යාංශ ලේකම් රංජනී නඩරාජපිල්ලෙයි යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya