මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    CRT තේ, රබර්, පොල් අන්තර්ජාතික වෙළෙද ප්‍රදර්ශනය විවෘත කෙරේ

    අගෝස්තු 11, 2017

    මෙරට වැවිලි කර්මාන්තයේ ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් පැවැත්වෙන CRT තේ, රබර්, පොල් අන්තර්ජාතික වෙළෙද ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) ආරම්භ කෙරිණි.

    වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් සංවිධානය කර තිඛෙන මෙම ප්‍රදර්ශනයේදී අදාළ ක්ෂේත්‍රයන්හි ජාත්‍යන්තර සමාගම්වල නියෝජිතයින්ට හමුවී අදහස් හුවමාරු කර ගැනීමටද අවස්ථාව සළසා තිබෙන අතර විදේශීය නිෂ්පාදකයින්ගේ සහ අලෙවිකරුවන්ගේ අවශ්‍යතා හඳුනා ගැනීමටත්, නව තාක්ෂණය හා පහසුකම් සමග බද්ධ වීමටත් ඒ තුළින් දේශීය නිෂ්පාදනවල තත්ත්වය හා ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත් අවස්ථාව උදා වේ.

    දේශීය මෙන්ම විදේශීය නිෂ්පාදකයින්, අලෙවිකරුවන්, නිෂ්පාදන මිලදී ගන්නන් සහ ආයෝජකයින් විශාල පිරිසක් මෙම ප්‍රදර්ශනයට එක්ව සිටින අතර, මෙය මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වීම තුළින්  ශ්‍රී ලංකික වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රය නැවුම් ඉසව් ගණනාවකින් ජාත්‍යන්තරයට සමීප කරවීමට මං පෙත් විවර කෙරෙනු ඇත.

    ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වෙමින් ව්‍යාපාරිකයින් සමග සුහද කතා බහක නිරත විය.
     
    අමාත්‍ය නවීන් දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya