මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාම නිලධාරි පුරප්පාඩු හැකි ඉක්මනින් පුරවනවා

    අගෝස්තු 11, 2017

    ග්‍රාම නිලධාරි පුරප්පාඩු හැකි ඉක්මනින් පිරවීමට කටයුතු කරන බව ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    පුරප්පාඩුවන ග්‍රාම නිලධාරි තනතුරුවල වැඩ බැලීමේ පත්වීම් සඳහා කාර්යක්ෂම වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අද (11) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    ග්‍රාම නිලධාරී සේවයේ කාර්යක්ෂමතාව සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශකම ග්‍රාම නිලධාරී සංචිතයක් පිහිටවිය යුතු බවට මන්ත්‍රීවරයා යෝජනා කළේ ය.

    මෙම යෝජනාව කාලෝචිත යෝජනාවක්.  විභාග දෙපාර්තමේන්තුවට කියලා, ග්‍රාමනිලධාරී බඳවා ගැනීම සඳහා විභාගය පවත්වා, සුදුසුකම් ලැබී නාම ලේඛනය අමාත්‍යාංශයට ලැබී තිබෙනවා. ඉක්මනින් සම්මුඛ  පරීක්ෂණය පවත්වා පුරප්පාඩු සඳහා අනුයුක්ක්ත කරන්න බලාපොරොත්තු වෙනවා.


    ග්‍රාමනිලධාරී සංචිත ඇතුළත් කරන්න යෝජනාවක් බුද්ධික පතිරණ මන්ත්‍රිතුමා  කර තිබෙනවා. සංචිතයක් අමාරු කාර්යභාරයක්. පොරොත්තු ලේඛනයක් තියගෙන විභායක් නොපවත්වා බඳවාගැනීමේ කාර්යයකට යන්න පුළුවන්. වැඩබලන ග්‍රාමනිලධාරීන්ට ගෙවන උපරිම දීමනාව ගෙවන්න කටයුතු කරනවා යැයි ද  නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya