අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමෘද්ධි ප්‍ර‍තිලාභ කපා දැමීමක් නැහැ- ජනපති

    අගෝස්තු 12, 2017

    සමෘද්ධි ප‍්‍රතිලාභය ලබන කිසිවෙකුගෙන් එය කපා දැමීමට හෝ අඩු කිරීමට රජය කටයුතු නොකරන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

    සමෘද්ධි ප‍්‍රතිලාභය හිමිවිය යුතු එහෙත් නොලැබෙන විශාල පිරිසක් රට තුළ සිටින අතර, ඔවුන්ට අලුතින් එම වරප‍්‍රසාදය ලබා දෙනු විනා කිසිඳු අවස්ථාවක කප්පාදුවක් සිදු නොකරන බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ වලවේ කලාපයේ ගොවි ජනතාවට ඉඩම් ඔප්පු පන්දහසක් ප‍්‍රදානය කිරීම වෙනුවෙන් ඊයේ  (11) ඇඹිලිපිටිය ගම්උදාව ක්‍රීඩාංගණයේ පැවති උත්සවය අමතමිනි.

    රජය සමෘද්ධි ප‍්‍රතිලාභය කපාදැමීමට සූදානම් වන බවට විවිධ දේශපාලන උසිගැන්වීම් සිදු කෙරෙන අතර එහි කිසිඳු සත්‍යතාවයක් නොමැති බව පැවසූ ජනාධිපතිතුමා වත්මන් රජය සෑමවිටම ප‍්‍රතිපත්තිමය තීන්දු තීරණවලට එළැඹෙන්නේ පොදු ජනතාවගේ යහපත උදෙසා බවද කියා සිටියේය.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ රටේ ගොවි ජනතාවට ඔවුන්ගේ ආර්ථිකය සවිමත් කර ගැනීමට මෙන්ම ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා කෘෂිකර්මාන්තය තුළ නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට රජය අපේක්ෂා කරන බවයි.

    දේශීය එළවළු සහ පළතුරු සඳහා විදේශීය වෙළෙඳපොළ අවස්ථා වැඩිදියුණු කරමින් ඒ තුළින් ජාතික ආර්ථිකය මෙන්ම ගොවි ආර්ථිකය ශක්තිමත් කර ගැනීමේ හැකියාව පෙන්වා දුන් ජනාධිපතිතුමා මෙරට කෘෂිකර්මාන්තය නව්‍යකරණයට ලක් කරමින් තරුණ පරපුර ඊට ආකර්ශණය කිරීමේ වැඩපිළිවෙළක් ද කි‍්‍රයාවට නැංවීමට රජය සැළසුම් කර තිබෙන බව කියා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya