අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හතළිස් වසරක දේශපාලන දිවියට සුභාශිංසන පළ කිරීමේ යෝජනාව අද (04) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු අඳහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය.
අපේ රටේ ආර්ථකමට වෙනසක් වූ වසර 1977 වර්ෂය.අග්‍රාමාත්‍යතුමා කැපවීමෙන් කටයුතු කළ නායකයෙක්. ජේ.ආර්.ජයවර්ධන මතිතුමාගේ දර්ශනයෙන් දේශපාලනයට පැමිණියා.සමාජ අලෙවිකරණ ප්‍රතිපත්තිය අපේ රජයේ ප්‍රතිපත්තියයි.කිසිම විවාදයකින් තිරව අපේ වර්තමාන දේශපාලනයේ සිටින බුද්ධිමත්ම නායකයා ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්.
ඔහුට හැකි වුණා, දේශපාලන පීඩනයන්ට සාර්ථකව මුහුණ දෙන්න. ඔහු පාර්ලිමේන්තුව තුළ කතාකරනකොට අවේගශීලීව කතා කරන විටත් බිය වුණ ලක්ෂණ තිබුණේ නෑ. එතුමා විශිෂ්ඨ දේශපාලන නායකයෙක්. පක්ෂයට ඉතාම හිතවත්. ප්‍රතිපත්තිමය දේශපාලනයක් එතුමාට තිබෙන්නේ. කලාතුරකින් ලැබෙන නායකයෙක් බවද අමාත්‍යවරයා පැවසී ය.