නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජී.එස්.පී.ප්ලස් ගෙන ඒමට අග්‍රාමාත්‍යතුමාගේ පරිනත ජාත්‍යන්තර සබඳතාවන් ඉවහල් වූණා

    අගෝස්තු 04, 2017

    අග්‍රාමාත්‍යතුමා පරිණත දේශපාලඥයෙක් බවත් ජී.එස්.පී.ප්ලස් ගෙන ඒමට අග්‍රාමාත්‍යතුමාගේ ජාත්‍යන්තර සබඳතාවන් ඉවහල් වූ බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය  නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (4) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හතළිස් වසරක දේශපාලන දිවියට සුභාෂිංශන පළ කිරීමේ යෝජනාව අද (04)  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු අඳහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය.


    එතුමාගේ නායකත්වය ගැන සතුටු වෙනවා. අප ප්‍රතිවිරුද්ධ පක්ෂ දෙකක් නියෝජනය කරන්නේ.තමන්ගේ දේශපාලන ප්‍රතිවාදීන් කරන විවේචන සිනාමුසු මුහුණෙන් භාර ගත්තා. වෛරයෙන් ඒ දෙස බැලුවේ නෑ. දේශපාලඥයෙක් වශයෙන් විවේචනයට ලක් වූ දේශපලාඥයෙක් නැති තරම්. කුමන විවේචන කළත් ඉදිරියට යන්න ශක්තිය තිබෙන  ගුණාංගය ඉතාමත් ම ඉහළින් අගය කරනවා.

    ඉතිහාසය, ආර්ථිකය, විදේශකටයුතු, මූල්‍ය පරිපාලනය, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ දැනුම අතිවිශිෂ්ඨයි.පරිණත දේශපාලඥයෙක්.ජී.එස්.පී.ප්ලස් ගෙන ඒමට එතුමාගේ ජාත්‍යන්තර සබඳතාවන් ඉවහල් වුණා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya