නීති ක්ෂේත්‍රයේ දැනුම සහ අත්දැකීම් වලින් රටට වඩා ඉහළ සේවාවක් ලබාගැනීම අවශ්‍ය බව එහිදී සඳහන් කළ ජනාධිපතිතුමා සිය වෘත්තීමය කටයුතු ස්වාධීනව සිදුකරගෙන යාම වෙනුවෙන් තම ආශිර්වාදය පළකරන බව ද සඳහන් කළේය.
ජනාධිපති නීතිඥවරුන් ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව සම්ප්‍රදායානුකූලව ජනාධිපතිතුමා සහ ජනාධිපති නීතිඥවරුන් අතර මෙම සුහද හමුව සිදුවිය.
මෙම අවස්ථාවට අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ද එක්විය.