නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනාව විවාදයට එක්වෙමිනි.
2015 රජය බලයට පත්වන තුරු දසක කීපයක් ම රටේ වැඩ සිදු වුණේ හදිසි නීතිය යටතේ. යුද්ධය අවසන් කිරීමේ කීර්තිය අත්පත්කර ගත් මහින්ද පාලනයේ, සාම කාලයත් ගියේ හදිසි නීතිය යටතේ. 2015 පස්සේ සාමාන්‍ය නීතිය ගෙනාවේ. දැන් රට ගෙන යනකොට පේනවා උද්ඝෝෂණ ගෙනවා. සාමාන්‍ය නීතිය යටතේ රට ක්‍රියාත්මක වෙනකොට අති දුර්ධන වර්ජන සිදු වෙනවා.
ඛනිජ තෙල් වෘත්තීය සමිති ඉල්ලීම් අති දුර්ධන ඉල්ලීම්. හම්බන්තොට ඛනිජ තෙල් ටැංකි අයිති වරාය අධිකාරියට. මෙය දේශපාලන වැඩවර්ජනයක්. වර්ජන නිසා ආණ්ඩුව එපා වෙයි කියලා හිතුවට. ඊයේ පෙරේදා ජනතාවට ආණ්ඩුව ඕන වුණා. මේ වරාය ගිවිසුම ගැන හෙට සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ කරනවා. අපිට විදේශ ආයෝජන අවශ්‍යයි. රට විකුණන්නේ නැති ක්‍රමයක් අවශ්‍ය වෙන්නේ. කරන්න ගියේ චීනයට සින්නක්කර දීමයි. ඒවා වෙනස් කරලයි ගිවිසුම ගේන්නේ. ජාතික ආරක්ෂාව තහවුරු කරලයි ගිවිසුම ගේන්නේ. මේ රට අරජිකත්වයට ගෙනැල්ලා, නැවත දූෂිත දුර්ධාන්ත පාලනය ගෙනවා නම් ආණ්ඩුව රැකගන්න සූදානම්. අද ඛනිජ තෙල් සේවකයන්ගෙන් ඉල්ලන්නේ.
ඛනිජ තෙල් සංස්ථවට ආදරය කරන අය ඉන්නවා. එදා ඒව කොල්ලකනකොට, ඥාතින්ගේ දේපළ කරනකොට ඔය දේශප්‍රේමීන් කවුරුත් නැගිට්ටේ නෑ. මේ කැඳවූ වැඩවර්ජනය ජනතා විරෝධී දුර්ධාන්ත වැඩ වර්ජනයක් යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.