මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියානු නීතිඥ සංගම් සභාපතිවරුන්ගේ සමුළුව ශ්‍රී ලංකාවේදී

    ජූලි 23, 2017

    28 වන ආසියානු නීතිඥ සංගම් සභාපතිවරුන්ගේ සමුළුව මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අතර, එහි සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) කොළඹ ගාලු මුවදොර හෝටලයේ දී පැවැත්විණි.

    ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් සංවිධානය කරන මෙම සමුළුව දින 03 ක් පුරා කොළඹ දී පැවැත්වෙයි.

    ආසියානු කලාපයේ නීතිඥවරුන්ට පවතින ගැටලු සහ ඒවාට ලබාගත හැකි විසඳුම් පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක්කෙරේ.

    මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය විජයදාස රාජපක්ෂ, නීතිඥ සංගමයේ සභාපති යූ.ආර් ද සිල්වා මහතා ඇතුළු විද්වතුන් පිරිසක් එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya