අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහාධිකරණ විනිසුරු ගමන් කරමින් සිටියදී එල්ල කළ ප්‍ර‍හාරය ජනපති හෙළා දකී

    ජූලි 23, 2017

    යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන් මහතා ගමන් කරමින් සිටියදී ඊයේ (22) සවස නල්ලූර් ප‍්‍රදේශයේදී එල්ල කෙරුණු වෙඩි ප‍්‍රහාරය හෙළාදකින ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එම ප‍්‍රහාරයේ දී ජීවිතක්ෂයට පත් වූ පොලිස් සැරයන් සරත් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ අභාවය පිළිබඳ සිය බලවත් කනගාටුව පළ කරයි.

    මෙම සිදුවීම සමඟ විනිසුරුවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව සිය දැඩි අවධානය යොමු කළ ජනාධිපතිතුමා සියලු විනිසුරුවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවන ලෙස පොලිස්පතිවරයා වෙත උපදෙස් දුන්නේ ය.

    එමෙන්ම විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා මෙම සිදුවීම පිළිබඳ පුළුල් පරීක්ෂණයක් වහාම සිදුකරන ලෙස ද ජනාධිපතිතුමා පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක අංශවලට උපදෙස් දුන්නේය.

    මිය ගිය පොලිස් සැරයන්වරයාගේ අභාවය පිළිබඳ ඔහුගේ පවුලේ ඥාතීන් වෙත සිය බලවත් කනගාටුව පළකළ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා තම රාජකාරිය නිසිලෙස ඉටුකරන මෙවන් නිලධාරින් සමස්ථ රාජ්‍ය සේවයටත්, පොලිස් දෙපාර්තමේන්තුවටත් ආදර්ශයක් බව ද සඳහන් කළේය.

     

    සිදුවීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා වෙත ද ජනාධිපතිතුමා ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya