අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජ්‍යෙෂ්ඨ ලේඛක ප්‍රණාම උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

    ජූලි 21, 2017

    ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ ගොඩගේ පොත් ප්‍රකාශන ආයතනය එක්ව පවත්වනු ලැබූ ගොඩගේ ජ්‍යෙෂ්ඨ ලේඛක ප්‍රණාම උළෙල ඊයේ (20) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේදී පැවැත්විණි.

    මෙහිදී ජ්‍යෙෂ්ඨ ලේඛක ලේඛිකාවන් 15 දෙනෙකු ද ජනාධිපතිතුමා අතින් ප්‍රණාම සම්මාන ලබාගත් අතර මීට සමගාමීව පාසල් මට්ටමෙන් පවත්වන ලද පැනයට පිළිතුරු තරග වැඩසටහනේ ජයග්‍රාහික ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද ජනාධිපතිතුමා අතින් සහතිකපත් ලබාගත්හ.

    ජ්‍යෙෂ්ඨ ලේඛක ලේඛිකාවන් දිරිමත් කිරීමේ අරමුණින් සිවිවන වරටත් පවත්වනු ලබන මෙම උපහාර උළෙල මගින් සියලු ජාතීන් නියෝජනය කරමින් ලේඛික ලේඛිකාවෝ සම්මාන ලැබූහ.

    මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග, ගුවන් විදුලි සංස්ථාවේ සභාපති සුදර්ශන ගුණවර්ධන සහ එහි අධ්‍යක්ෂ ජනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya