අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෘත්තීය අධ්‍යාපනය තුළ නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරු කළේ වත්මන් රජය - ජනපති

    ජූලි 20, 2017

    වර්තමාන රජය බලයට පත්වීමට පෙර නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ පවතින ඇතැම් ආයතනවලට මුදල් ගෙවා අධ්‍යාපනය ලැබීමට දරුවන්ට සිදුව තිබූ අතර වත්මන් රජය යටතේ එම සියලු අධ්‍යාපන ආයතන මුදල් ගෙවීම්වලින් නිදහස් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

    ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (19) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති ජගත් නිපුණතා දින සැමරුම් උත්සවය අමතමිනි.

    නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම මෙන්ම රටේ තරුණ තරුණියන්ට හොඳ වෘත්තීය පුහුණුවක් ලබාදීමට ද රජය කටයුතු කරන අතර ඒ සඳහා ආයෝජන රැසක් මේ වන විට සිදුකර තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

    ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට කරන ලද යෝජනාවක් අනුව ජූලි 15 වන දින ජගත් තරුණ නිපුණතා දිනය ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ.

    ජගත් නිපුණතා දින සැමරුමට සමගාමීව වෘත්තීය පුහුණුව හදාරන දරුවන් සඳහා පළාත් මට්ටමින් සහ ජාතික මට්ටමින් පැවති තරගවලින් ජයග‍්‍රහණය කළ සිසුන්ට ත්‍යාග ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

    ශ්‍රී ලංකා නිපුණතා වෙබ් අඩවිය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    ශ්‍රී ලංකා නිපුණතා මහලේකම් කාර්යාලය පිහිටුවීම පිළබඳ ලියවිල්ල නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

    ජාතික නිපුණතා ශ‍්‍රම බලකායක්, ජාතිය සතු කිරීම උදෙසා වන ශ්‍රී ලංකා නිපුණතා Ten+one වැඩසටහන ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

    නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම් පී.රණේපුර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල අධ්‍යාපනය ලබන දරු දැරියන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya