මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “මතින් නිදහස් රටක්” ජාතික වැඩසටහනේ කඑතර දිස්ත්‍රික් සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

    ජූලි 19, 2017
    “මතින් නිදහස් රටක්” ජාතික වැඩසටහනේ කළුතර දිස්ත්‍රික් සමුළුව අද (19) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පානදුර නගරසභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
     
    මෙම සමුළුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් යටතේ ක්‍රියාත්මක වන “මතින් නිදහස් රටක්” වැඩසටහනට සමගාමීව පැවැත්වෙන දිස්ත්‍රික් සමාලෝචන වැඩසටහන් මාලාවේ නව වැනි වැඩසටහනයි.
     
    මත්ද්‍රව්‍ය නිවාරණයට කැපවූ රාජ්‍ය සේවකයන් සඳහා සම්මාන ප්‍රදානය කිරීම සහ පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ නියමුවන්ට නිල ලාංඡන පැළදවීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    දුම්කොළ සමාගමේ ක්‍රියාකාරකම් නිරීක්ෂණයට හා අධ්‍යයනය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ පිහිටවූ දුම්කොළ අධ්‍යයන කේන්ද්‍රයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම ද මේ හා සමගාමීව ජනාධිපතිතුමා අතින් සිදුවිය.
     
    අමාත්‍ය මහින්ද සමරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක, බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණී තිලකසිරි යන මහත්වරුන් ඇතුළු පළාතේ මැති ඇමතිවරු ද, කළුතර දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya