අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජගත් නිපුණතා දිනය සැමරේ

    ජූලි 20, 2017

    ජගත් නිපුණතා දින සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ  (19) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවත්විණි.

    ජගත් නිපුණතා දින සැමරුමට සමගාමීව වෘත්තීය පුහුණුව හදාරන දරුවන් සදහා පළාත් මට්ටමින් සහ ජාතික මට්ටමින් පැවති තරගවලින් ජයග්‍රහණය කළ සිසුන්ට ත්‍යාග ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

    ශ්‍රී ලංකා නිපුණතා වෙබ් අඩවිය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    ශ්‍රී ලංකා නිපුණතා මහලේකම් කාර්යාලය පිහිටුවීම පිළිබද ලියවිල්ල නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

    ජාතික නිපුණතා ශ්‍රම බලකායක්, ජාතිය සතු කිරීම උදෙසා වන ශ්‍රී ලංකා නිපුණතා Ten+one  වැඩසටහන ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

    නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම් පී.රණේපුර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල අධ්‍යාපනය ලබන දරු දැරියන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya