අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''මතින් නිදහස් රටක්'' ජාතික වැඩසටහන අද පානදුරේ දී

    ජූලි 19, 2017

    ''මතින් නිදහස් රටක්'' ජාතික වැඩසටහන  අද 19 දින කළුතර දිස්ත්‍රික්කයේ, පනදුර දී අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

    අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ''මතින් නිදහස් රටක්'' වැඩසටහනට සමගාමීව විවිධ වැඩසටහන් ශ්‍රී ලංකාව පුරා ක්‍රියත්මකව පවතී.


    කළුතර දිස්ත්‍රික්කය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 14කින් ග්‍රාම නිලධාරී වසම් 762කින් යුක්ත වන අතර  දිස්ත්‍රික්කයේ 30,000කට අධික ප්‍රජාවක් සෘජුව ඇමතීමට මත්ද්‍රව්‍ය නිවාරණ ජනධිපති කාර්යය සාධක බලකාය සමත් වී සිටියි.

    මේ වනවිටත් ග්‍රාමීය කමිටු පිහිටුවා වැඩසටහන් ක්‍රියාත්මක අතර සියලු පවුල් එකමුතුවෙන් ''මතින් නිදහස් ගමක් සැකසීම'' හා අවසානයේ ''මතින් නිදහස් රටක් ගොඩනැගීම'' මෙම වැඩපිළිවෙලේ අපේක්ෂාවයි.

     

    මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට පසුගිය දා පැවැති මාධ්‍ය හමුවේ දී අඳහස් දැක් වූ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා;   මෙය අතිගරු ජනාධිපතිතුමාගේ ම සංකල්පයක්.අතිගරු ජනාධිපතිතුමා මේ සඳහා නායකත්වය ලබාදෙනවා.එතුමාගේ උපදෙස් පරිදී මේ වනවිටත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක යැයි පැවසී ය.

    මේ අවස්ථාවට සහභාගී වූ කළුතර දිස්ත්‍රික් ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතා;සෑම ග්‍රාමීය හා ප්‍රාදේශීය කොට්ඨාශයකම මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.ග්‍රාමීය කමිටු හරහා වැඩසටහන් ක්‍රියාත්මකයි. අත් පත්‍රිකා බෙදා හැරීම්, දැනුවත් කිරීම්,වැටලීම් ක්‍රියාත්මකයි.කළුතර දිස්ත්‍රික්කයේ වසර 2015 හා සැසදීමේ දී 2016 මත්ද්‍රව්‍ය භාවිතය අඩු වී තිබෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya